Year and Month | October 2018 |
Number of Days | 01 |
Crew | 05 |
Accommodation | N/A |
Transport | Motor Bicycle |
Activities | Photography, History, Nature exploring |
Weather | Perfect |
Route | Colombo -> Rathnapura -> Palabaddala |
Tips, Notes and Special remark |
|
Related Resources | Trip reports : Palabaddala |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
I was visited Sri Palabaddala temple for collecting some information about the mysteries and unbelievable incidents that Rev Premaloka Thero and Rev Chandraloka Thero faced. Below are the informations that I collected from the oldest villagers in Balawana. Please note that there are more and more things happened in Peak wilderness sanctuary which are cannot believe also.
සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්
සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම උත්තම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ සමනල ගිරි මුදුනේ උඩ මලූවේය. සිරිපා තරණය කළ හැකි සම්මත මාර්ග තුනක්ද අප‍්‍රසිද්ධ මාර්ග 5 ක්ද පවතියි. ඒ හැර දෙපසක පිහිටි ගම් දෙකක් යාකරන සමනල දුර්ගය ආදී මාර්ග කිහිපයක්ද පවතියි. මේ සියල්ල සමස්ත රක්ෂිතයේ වනගත පරිසරයෙන් උපරිම වශයෙන් සියයට විස්සක තිහක පමණ කොටසක් වන අතර ඉතිරි සියයට හැත්තෑව අසුව යනු තවමත් අල්ප වශයෙන් මිනිස් පහස ලැබූ ගුප්ත සහ අබිරහස් ගොන්නක් පිරි ඉසව් වේ.
සංචාර දිවියේ අප ප‍්‍රියතම අඩවිය වන සිරිපා අඩවිය යනු සත්‍ය වශයෙන්ම සංචාරය කිරීමට උචිත ඉසව්වක් නොවන බව අපටද පසක් වූ කරුණකි. මන්ද අප විඳි ඇතැම් ප‍්‍රායෝගික අත්දැකීම් සමග සිරිපා රක්ෂිතය ආශ‍්‍රිත ගැමියන් හා ඔවුන්ගේ අතීත සිදුවීම් පිළිබඳ අප අත්දුටු යම් අබිරහසක් මෙම රක්ෂිතෙය් පැවතීමය.
සමනල රක්ෂිතය තුළ පවතින කඳු නම් සමනල කන්ද, කුණු දිය පර්වතය, පිදුරුතලා ගල (හීන් පිදුරුතලාව) බෑන සමනළ, කෝඳුරු ගල, සප්ත කන්‍යා කඳුවැටිය, ගවරවිල කන්ද, බල්ලා බැඳිගල සහ මහ පිදුරුතලාවයි. ඊට අමතරව නම්ලත් දියඇලි රාශියක් සිරිපා රක්ෂිත මායිමෙන් කඩා වැටෙන අතර නම් රහිත තවත් දියඇලි සහ දියඇලි දාම රාශියක් සිරිපා රක්ෂිතය තුළ ඇති බව අප ප‍්‍රායෝගිකව දැක ඇත්තෙමු.
ලංකාවේ සෙසු වනාන්තර වලට සාපේක්ෂව සමනල රක්ෂිතයේ සංචාරයට සහ ගවේෂණයට යන පිරිස ඉතා අල්පය. මන්ද අවාරේ බොහෝ විට ප‍්‍රචණ්ඩ වර්ෂාව තිබීමත් සමස්තයක් ලෙස වළාකුලූ වනාන්තර පද්ධතියකට රක්ෂිතය උරුමකම් කියන නිසාවෙන් නිතරම වැස්ස සහ තද අකුණු ගැසීම් ඇතිවීමය. තවද අලියා සහ කොටියා (දිවියා) යන සතුන් බහුලව මෙහි වාසය කිරීම සහ පිටත මාර්ග හෝ අවාරේ යාමේදි උන්ගෙන් සිදු වූ අනතුරු බහුල වීමත්ය.
මීට තවත් නිදසුන් ලෙස ගතහොත් අධික කූඩැල්ලන් සංඛ්‍යාවක් සිටීම විස සහිත සර්ප ග‍්‍රහණය, විෂ කටු ඇතුළු සහ ලිස්සන සුළු අනතුරුදායක පාංශු බිම් කඩක් වීම සහ දැවැන්ත තුරුමුදුන් අතර නිතරම අඳුරු වන ලහැබක්ව තිබීම නිසා මංමුලා වීමද සැලකිය හැකිය.
දුර අතීතයේ සිට සමනල රක්ෂිතයට ඇතුළු වීම නැතහොත් සමන්දෙවි අඩවියට ඇතුළුවීම යනු වන්දනාවක් බඳු ශුද්ධ වූ කර්තව්‍යයකි. සිරි පතුල පිහිටුවීමේ ගාම්භීරත්වය නිසාම සමන් දෙවිඳු තවමත් විවිධ වේෂයෙන් මෙම කැලයට අධිපතිව සිටින නිසාෙවන් අතීතයේ සිට රක්ෂිතයට ඇතුළු වන්නන් කිසිම අවස්ථාවක ‘කට වරද්දා’’ ගත්තේ නැත. එහි වර්තමාන සාක්ෂිය අදටත් සිරිපා කරුණාවේ යෙදෙන විට අපට දැකිය හැකිය. සමන්දෙවි අඩවියේ කිසිවෙකුටත් තක්කෙටම ඔට්ටු විය නොහැක. සිරිපා කරුණාවේ යෑම වුවත් වත්පිළිවෙත් රාශියක් මැද කළ යුතු කරුණාවකි. වසරේ හරි අඩක් පමණක් මෙම සිරිපතුල කරුණාවට ඉඩ ඇත්තේ ඉතිරි මාස හය (අවාරේ සමය) සත්‍ය වශයෙන්ම ප‍්‍රචණ්ඩ වැසි සමග පරිසරය දරුණු වන හෙයිනි. එය අවාරේ හතර වතාවක් පමණ මාර්ග 4 කින් ගිය අප ප‍්‍රායෝගිකව දන්නා අත්දැකීමකි.
අවාරේ සිරිපා කරුණාව අවට ගම් වැසියන් පවා කිසිවිටෙකත් අනුමත නොකරන්නේ ජීවිත අත්දැකීමෙන්ම එහි පවතින අනතුරුදායක බව ඔවුන් දන්නා හෙයිනි. එලෙස පුරසාරම් දොඩමින් සිරිපාගම ප‍්‍රදේශයෙන් අවාරේ සමනල ගිර තරණයට තනි පංගලමේ යන දෙතුන් දෙනෙකු ලෙස ගිය බොහෝ පිරිසක් උන්මත්තක භාවයට සහ කොටි ප‍්‍රහාරවලට ලක්ව මියගොස් ඇත. සිරිපා ගම ආශ‍්‍රිත බලවන ගමේ වෙසෙන යසරත්න මාමා අප සමග බෙදාගත් ඔහු දැක අසා තිබූ ජීවිත අත්දැකීම් මෙසේය.
ලංකාවට ආවේණික කොටියා හෙවත් දිවියා සමනල රක්ෂිතය හා හෝර්ටන් තැන්න තුළ බහුලව වාසය කරයි. තවද සාමාන්‍ය අලින් පවා මෙම රක්ෂිතයේ වාසය කරන අතර අතීතයේ හෝර්ටන් තැන්න යනු වන අලි නිජබිමකි. සමනල හා හෝර්ටන් රක්ෂිත එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර එවා එකිනෙක බද්ද වී ඇති හෙයින් මෙලෙස අලි සහ කොටි රක්ෂිත දෙකේම එහෙ මෙහෙ යමින් වාසය කරයි.
අතීතයත් සමග සසදා බැලූකල අතීතය උඩවලව ඇඹිලිපිටිය ආශ‍්‍රිත වන අලි හපුතලය, බෙලිහුල් ඔය හරහා සමනල රක්ෂිත වලට සංක‍්‍රමණය වී ඇත. සමන් දෙවි අඩවියේ ආශ්චර්ය වනුයේ සිරිපා වාරේදි අලි සහ කොටි හෝ වෙනත් කිසිදු සතෙකුගෙන් කිසිම අවස්ථාවක කිසිදු හානියක් නොවීම සහ කිසිවෙකුටත් උන්ව දැක ගත නොහැකි වීමය. නමුත් අවාරේ යන විට දුර්ලභ අවස්ථාවක් ලෙස අලි හා කොටි දැක ගැනීමට ඉඩ ඇත. තවද වාරේ අප යනෙන ප‍්‍රධාන හා සෙසු මාර්ගවල අවාරේදි අලි සහ කොටි ගැවසීම ඉතා සුලභ වන අතර ඒ නිසාම සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත් පුද්ගලයන්ට අවාරේදි එහිම දඩුවම් ලැබී ඇති අවස්ථා එමටය.
මීට වසර කිහිපයකට පෙර ප‍්‍රදේශයේ තරුණයෙකු සමන්දෙවි අඩවියට අවාරේ පිවිසියේ අහවල් වෙලාවට අහවල් හෝරා ගණනක් තුළ සමනලගිර නගින බවට පුරසාරම් දොඩමින් සහ සමන් දෙවි අඩවියේ හාස්කම් අවතක්සේරු කරමිනි. කෙසේ හෝ තනිවම පලාබද්දල පාරෙන් අවාරේ ගිය ඔහු නැවත පැමිණියේ නැත. ඊට දින කිහිපයකට පසු ගම්වැසියන් ගොස් බලන කල කොටියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව ඔහු මියගිය බවට ගෙත්තම්පාන කිට්ටුව තිබූ ශරීර කොටස් වලින් හඳුනාගෙන තිබුණි.
තවද මෙලෙසම තවත් කිහිපදෙනෙක් අවාරේ ඔට්ටු තබමින් ගොස් නැවත එන විට ඔවුන් උන්මත්තක භාවයට පත්ව තිබුණි. පඩි සහිත මාර්ගයේම ඔවුන්ට මග වැරදි මංමුලාවී වෙනත් ඉසව්වකින් එළියට පැමිණ තිබුණත් ඔවුන් සිහිමද ගතියකින් යුක්තවය. තවද ගිය වසරේ පවා සිරිපා අවාරේදී පලාබද්දල රජ මාවතට අලින් පැමිණ තිබුණහ. ඒ බව පසුව දැන ගැනීමට ලැබී ඇත්තේ කැඩීගිය පඩි සහ අලි වසුරු මගින්ය. එලෙසම වරක් කුරුවිට එරත්ත මාර්ගයෙන් හුදෙක් විනෝදය හා මත් සතුට උදෙසා අවාරේ සිරිපා ගිය නඩයක් දින කිහිපයක් වනයේ අතුරුදන්ව සිටියහ.
මද වර්ෂා සමයේ ඔවුන් පිටත්ව හැරමිටි පාන දක්වා ගොස් නැවත එන විට ඔවුන්ට දින 2 ක් පමණ යනතුරු සීත ගඟුල හරහා යාමට නොහැකිව තිබුණි. හෙණ ගසමින් අකුණු සමග ප‍්‍රචණ්ඩ වර්ෂාවක් එදවස ඇඳහැලී එරත්ත සීත ගඟුල ගංගාව ඉතිරි දෙපස මාර්ග පවා යට කරමින් ගලමින් තිබූ නිසාවෙනි.
කුරුවිට එරත්ත මාර්ගයේ යන විට සීත ගඟුල බැස එතෙර වී යා යුතු අතර එම මාර්ගයට බොහෝ විට ෙසසු ප‍්‍රධාන මාර්ග වලට වඩා දුෂ්කර හා සෞන්දර්යයෙන් අනූන මගකි අවාරේ යාමේදි ගල් පෙරළීම්, නාය යෑම්, ජල ගැලීම් වැනි ස්වභාවික අනතුරු වැඩිම මාර්ගයද එයම වේ. එරත්ත මග වැටී ඇත්තේ කුණු දිය පව්ව හා පැදුරුතලා ගල කඳු අතරිනි. සීත ගඟුල සහ කුණු ගඟ පෝෂණය කරන මුල් දියවර ජනනය වන්නේද මෙම මාර්ගය ආශ‍්‍රිත වන පියසිනි. තවද වාරේ සහ අවාරේ බහුලව අලි වසුරු දැකිය හැක්කේද මෙම මාර්ගයේ වන අතර අපට එක්වරක් අවාරේ මෙහි ගමන් කිරීමේදී අලි කුංචනාදය පවා ඇසුණි. තවද එරත්න යනු දැරණියගල උඩමාලිබොඩ මාර්ගයද එකතුවන මගකි ඝන කැලයක් සහ සෙසු මාර්ග වලට සාපේක්ෂ පඩි රහිත මාර්ගයක් වනුයේ මෙයයි.
තවද අතීතයේ සහ වර්තමානයේ භාවනානුයෝගිව වාසය කරන භික්ෂූන් සමනල රක්ෂිතයේ වාසය කරන බව නොරහසකි. එලෙස භික්ෂූන් වාසය කරන්නේ මෙහි තිබෙන ගල්ගුහා වලය. නමුත් ඉතාමත් කිහිප දෙනෙක් හැරුණු විට එම භික්ෂූන් වාසය කරන ඉසව් ගැන නොදනිති. මේ පිළිබඳ යම් වැදගත් තොරතුරු රාශියක් ගිය වසරේ කුණු දිය පර්වතය තරණය කරන විට අපි දැනගත්තෙමු.
කුණු දිය පව්ව ආශ‍්‍රිත වන පියසේ පිහිටි ගල් ගුහාවල ඔවුන් වාසය කරන බවත් පිදුරුතලාගල කන්දේ වනපෙදෙස් වලද එලෙස භික්ෂූන් වාසය කරන බවයි. මේ හැරුණු විට සිරිපා රක්ෂිතය තුළ ඇති එකම භික්ෂු ආරාමය ලෙස හැඳින්විය හැක්කේ වර්නගලිය, වර්ණගල අම්බලම ආශ‍්‍රිත ඉසව්වේ විහාරස්ථානයක බව සැවොම දන්නා අතර එරත්න මග වැටී ඇත්තේ ඒ ඔස්සේය. එහි වාසය කරන පුද්ගලයකු හා හිමිවරු මේ ආදී සිරියාවේ ගුප්ත බව පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත්තවුන් වන්නේය.
භාවනානුයෝගී භික්ෂූන් අතර වඩාත් ප‍්‍රචලිත නාමය සහ තම ජීවිත කාලය තුළ රක්ෂිතයේ වාසය කරමින් භාවනානුයෝගීව වාසය කළ චන්ද්‍රලෝක හිමියන් වැදගත් සාධකයකි. අදටත් එ් හිමියන් පමණක් දැන සිටි සමනල අඩවියේ රහස් අත්දැකීම් සමුදයකි තවද හිමියන්ගේ අනුගාමී වූ හිමියන්ගේ මුඛ්‍ය සිසුවෙකු වූ ප්‍රේමාලෝක හිමියන්ගේන් අප දැනගත් තොරතුරු රාශියකි.
එම තොරතුරු ඇතැම් විට අදහාගත නොහැකි වුවත් ඒ සමාන වෙනත් තොරතුරු මින් පෙර සමනල රක්ෂිතය ආශ්‍රිත ඉසව්වලින් අප දැන හුන් නිසාවෙන් ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. මන්ද සියලූ ලෞකික සැප සම්පත් අතහැර තම ධ්‍යානය පිණිස රුදුරු වන සතුන් බහුල ඉසව්වක තනිවම වාසය කරන ප්‍රේමාලෝක හිමියන් ජීවිතයේ අර්ථය බෙහෙවින් වටහා ගත් කෙනෙකු බව අපට පමණක් නොව බොහෝ සැදැහැවතුන්ට පසක් වූයේ මිනිස් වාසයකින් කිලෝමීටර් ගණනක් ඈත ඝන වනයක රුදුරු වනසතුන් සමග තනිවම භාවනා කිරීම නිසාවෙනි.
වයසින් මුහුකුරා යන්නටත් පෙරම වනගත වූ ප්‍රේමාලෝක හිමියන් භාවනාවට ඇලූම් කළේ නිර්වාණය ළඟාකර ගැනීමේ උතුම් අරමුණිනි. තවද කුඩා කල සිට සමනල රක්ෂිතයට හා සමන් දෙවි අඩවියේ හාස්කම් ගැන විශ්වාසයකින් හා උනන්දුවකින් සිටි හිමියන් තුළ අතීත කථාවල පැමිණි දිවා ගුහාව සියැසින් දැක බලා ගැනීමේ උනන්දුවක්ද තිබුණි. පලාබද්දල මගේ ධර්මරාජගලට ඔබ්බෙන් මහ වනයේ තිබෙන ගල් ගුහාවක කලක් වාසය කළ උන්වහන්සේ සතියකට වරක් නියමිත ගම්වැසියන්ගෙන් අවශ්‍ය ආහාර කළමනා රැගෙන යැයි. දිනකට එක් වේලක් අනුභව කරන උන්වහන්සේ වාසය කළ ගල් ගුහාව කාලෙයන් කාලයට වෙනස් කරන්නේ විවිධ හේතු මතය. ‘‘යක්ෂණී හිටපු ගල්ලෙන’’ යනු සිරිපාගම ආශ‍්‍රිත ජනයා හොඳින් අසා ඇති ගුප්ත ස්ථානයකි.
ප්‍රේමාලෝක හිමියන් මෙම යක්ෂණී හිටපු ගල්ලෙන තම වාසය කරගෙන කල්ගෙවුවේ තම භාවනානුයෝගී බවට අවශ්‍ය හොඳම ස්ථානයක් බවට එම ගල්ගුහාව එතුමන්ට දැනුණු හෙයිණි. නමුත් කිසියම් බලවේගයක් විසින් උන්වහන්සේට නිතරම එම ගල්ලෙනෙන් එලවා දැමීමට උත්සහ කර තිබේ. විටෙක විවිධ ශබ්ද වලින්ද අමුතු හඬවල් හා බියකිරීම් වලට උන්වහන්සේ ලක්කළද ප්‍රේමාලෝක නම් බුද්ධ පුත‍්‍රයන් ඒ අදෘශ්‍යාමාන දුෂ්ට බලවේග වලට සැලුනේ නැත. එම බියකිරීම් හා උන්වහන්සේව එම ගල්ලෙනෙන් එලවා දැමීමට සිහිනෙන් පවා පණිවුඩ එවූ බව උන්වහන්සේ පැවසූහ. මන්ද එම ගල්ලෙන යක්ෂණී හිටපු ගල්ලෙන යන නාමයෙන් හැඳින්වීමට කතා පුවතක් සහිත වූ හෙයිණි.
තවද ප්‍රේමාලෝක හිමියන් යනු තම පාදයේ ලේඋරා බොන්නට එල්ලෙන කූඩැල්ලෙකු වත් මරණයට පත් නොකරන හිමි නමකි. උන්වහන්සේගේ ධ්‍යානය කෙතරම් ශක්තිමත්ද කිවහොත් එම ගල්ලෙන උන්වහන්සේ නිදාගන්නා ස්ථානයේ හිසට ඉහළින් පිහිටි ස්ථානයක පල බරියා සර්පයෙකු වාසය කර ඇති අතර උන්වහන්සේ එහි වාසය කළ කාලය පුරාවටම එම සර්පයාගෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැත. සර්පයා හිමියන්ගේ හිස සමීපයේ මුලූ කාලය පුරාම වාසය කළද හිමියන්ට කිසිදු උපද්‍රවයක් නොවුයේ එතුමන්ගේ බවුන් වැඩීමේ බලමහිමය නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීමේ ගමනේදී ගිමන් හැරි දිවා ගුහාව පිළිබඳ අතීතයේ සිට බොහෝ කථා ගොඩනැගුණි. මහගිරිදඹ ආශ‍්‍රයෙන් බටකොට ලෙන ආදී යම් ස්ථාන වලින් ගුහා හමුවුවද එ්වා දිවා ගුහාව නොවුයේ දිවා ගුහාවට අනන්‍ය වූ මූලික ලක්ෂණ එහි නොතිබුණු නිසාවෙනි. මන්ද දිවා ගුහාව යනු පලතුරු උයනක් මැද පිහිටි විශාල ගුහාවකි. ගුහාව තුළ දිය දහරක් සහ හිරු එළිය හොඳින් ලැබීමට තිබිය යුතු හෙයිණි මේ දිවා ගුහාව සොයා ප්‍රේමාලෝක හිමියන් බොහෝ අඳුරු ගුප්ත කැලෑ වල සැරිසැරුවද උන්වහන්සේට හමුනොවුණි. නමුත් එක දිනක් උන්වහන්සේ කැලයේ සක්මන් කරන විට පහතට පිහිටි විශාල හෙළක පලතුරු පිරුණු ගස් සහිත ප‍්‍රදේශයක් දැක තිබේ.
උනවහන්සේ එම හෙළට බැස ගත් පසු විශාල දිය දහරාවක් අසලින් අලංකාර ගුහාවක් දැක තිබේ. නමුත් උන්වහන්සේගේ සිහිකල්පනාව මඳ ගතියක් පැමිණි හෙයින් උන්වහන්සේට එහි සිිටින කිසිවෙකු ‘‘පැමිණෙන්න’’ කියා අඬගසා තිබේ. අමුත්තා පිළිබඳ හරි වැටහීමක් හිමියන්ට නොවුණු අතර සිහිකල්පනාව නැවත පැමිණෙන විට එතුමන් සිරිපා යන රජ මාවතේ සිට ඇත. මෙවැනි අදෘශ්‍යමාන බලවේග රාශියක් සිරිපා රක්ෂිතයේ ඇති අතර සුදු හැඳගත් වැඩිහිටියෙකුව බොහෝ පිරිසකට හමු වී ඇති අතර වාරේ සහ අවාරේ එලෙස හමුවී ඇත්තේ කැලයේ මංමුලාවන විට නිවරදි මග සොයා ගැනීමට හෝ යම් වදනක් පවසා උදව් කිරීමට වැනි දෙයකදීය. එම නිසාම එම අදෘශ්‍යමාන පුද්ගලයා සමන් දෙවිඳු යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතියි. මන්ද අප දැනගත් ඇතැම් මංමුලා වීම් සහ අනතුරු සිද්ධීන්වල මෙකී සුදු හැඳගත් වයසක පුද්ගලයෙකු එක්වරම ඔවුන් සිටි ස්ථානයට පැමිණ නැවතත් ඔවුනට නොපෙනෙන ලෙස අතුරුදහන්ව ඇත.
කෙසේ හෝ ප්‍රේමාලෝක හිමි දුටු සත්‍යය නැවත වරක් ගවේෂණය කිරීමට උන්වහන්සේට අවස්ථාව නොලැබුණු අතර එකී දිවා ගුහාව හා සම්බන්ධ සිද්ධිය සිරිපා කන්දට නැගෙනහිරට වන්න ආශ‍්‍රිතව බත්තුළු ඔය හා රජමාවත අතර කැලය බවට උපකල්පනය කෙරුණි. සිරිපා රක්ෂිතයේ වන සතුන් ගිරි දුර්ග අතර තවමත් අප හෝ ෙවනත් අයෙකු පා නොතැබූ ස්ථාන රාශියකි. කුණු දිය පව්ව, හීණ් පිදුරුතලාව, සප්තකන්‍යා, සමනල කන්ද ආදිය අප තරණය කොට එහි ඇති දුෂ්කර බව හා ගුප්ත බව අත්දුටු අතර ලබන සතියේ යක්ෂණී හිටපු ගල්ලෙන සම්බන්ධ වැදගත් අබිරහස් සිද්ධිය හා සමනල කන්දේ අබිරහස් ගුහා සංකීර්ණය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවකින් හමුවෙමු.
බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා
යක්ෂණී හිටපු ගල්ලෙන් යනු ප්‍රේමාලෝක හිමියන් වාසය කළ ස්ථානය වූ අතර බුද්ධ පුත්‍රයෙකු වූ එතුමන්ව එතැනින් පලවා හැරීමට අදෘශ්‍යමාන බලවේග කටයුතු කළද එ් කිසිවකුට එය කරගත නොහැකි විය. මෙම ගල්ලෙනට මෙම නම ලැබීමට කතා පුවතක් පවතී. එහි සත්‍යතාවය පිළිබඳ ගමේ පැරැන්නන් අප සමඟ එකඟත්වය පළකළේ ඔවුන්ගේ ජීවිත අත්දැකීමෙනි. සිරිපා රක්ෂිතය ආශ්‍රිතව දිවි ගෙවන ගැමියන් සමන් දෙවි අඩවිය තම හිස් මුදුනේ තබා කටයුතු කරති. එම නිසාම රක්ෂිතයෙන් පිට වුවද එම ගම්දනව් සමන් දෙවි අඩවිය යැයි සැලකේ. එම නිසාම ඔවුන් කුමන කාරණයක් ආරම්භ කිරීමට පෙර වුවද සමන් දෙවියන්ගේ අවසර ලබා ගැනීමක් සිදුකරති.
නිදසුනක් වශයෙන් නව නිවසක් තැනීමට ප්‍රථම තමා නිසැකයෙන්ම නව නිවසක් සාදනවා යැයි නොකියැවේ. ඔවුන් පවසන්ෙන් හැමවිටම නව නිවසක් සෑදීමට උත්සහ කරනවා නැත්නම් ‘බලමුකෝ’ වැනි ලෙසිනි. සිරිපා කඳු මුදුනට යාමේදී පවා ඔවුහු අදටත් අවශ්‍ය වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටුකරති. කිසිවිටකත් සමනොළ ගිර පැය 2න් නගිනවා ලෙස හෝ වදන් නොකියන අතර නිතරම සමන් දෙවි ආශිර්වාදය මැද සාර්ථක වේවා ලෙස පැවසේ. එසේම සිරිපා තරණයේ ගැයෙන යාතිකා, විරිඳු ගායනා කරමින් මහත් ශ්‍රද්ධාවෙන් තම ගමන යති.
එසේම තම දෛනික ජීවනෝපාය සඳහා කිතුල් පැණි හෝ වෙනත් අවශ්‍යතාවලට සමන් දෙවි අඩවියට ඇතුළු වීමට පෙරද වත් පිළිෙවත් ඉටුකර භාරවෙති. එලෙස මීට වසර ගණනාවකට පෙර මල් කපන මිනිසුන් වාසය කළ ගල් ගුහාවක් තිබුණි. එය රජ මාවතේ ගෙත්තම්පානෙන් එහා ධර්මරාජ ගලට ඔබ්බෙන් තිබුණු අතර කැලයට රිංගන මල් කපන මිනිසුන් රාත්‍රිය ගතකිරීමට සහ අවශ්‍ය හකුරු ආදිය සකසා ගැනීමට එම ගුහාව භාවිතා ෙකාට ඇත.
දිනක් පුද්ගලයෙකු තනිවම පැණි දියකරමින් හකුරු සෑදීමේ නිතර වෙමින් හිඳි අතර එසැණින් ගුහාවේ එක් පසෙක සුදු හැඳගත් ගැහැනියක් සහ කුඩා දරුවෙකු ගල් පොත්තක් මත නිදා සිටිනු දැක ඇත.
ඉන් වඩාත් බියට පත්වූ ඔහු ගින්දර මත රත්වෙන පැනි හැළිය භාවිතා කර එතැනින් පැන යාමට ඉටා ගෙන ඇත. එහිදී ඔහු බුර බුරා රත්වෙන පැණි හැලිය අර ගැහැනිය හා දරුවා වෙතට වක්කර පැන ගොස් කෙළින්ම නිවසේ නතර වී තිබුණි. ඔහු සිතුවේ යම් දිෂ්ටියක් වැනි බලවේගයක් කියා බව පවසන ලදී. කෙසේ හෝ පසු දින තවත් ගැමියන් කිහිප දෙනෙකු සමඟ ඔහු එම ගල් ලෙනට ගොස් විපරම් කරන විට දැක ඇත්තේ පැණි හැලී මියගිය කටුස්ෙසක් සහ කටුසු පැටවෙකු පමණි. මෙය අත්භූත සිද්ධියක් බව දැනගත් ඔවුන් පසුව ඉන් ඉවත්ව ඇති අතර පසු කාලීනව එම ගල්ගුහාව ‘යක්ෂණී හිටපු ගල්ලෙන’ ලෙස හඳුවන්නට විය.
සමන් දෙවි අඩවිය සැබැවින්ම ගුප්තය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වයස් භේද නොතකා උඩ මළුවට නගින්නේ උත්තම සිරි පතුල දැක ගැනීමටය. නමුත් ඒ කිසිවෙකුත් අවාරේ සිරිපා යාමක් ගැන සිතාවත් නොමැත. එසේම අවාරේ යාම ප්‍රායෝගිකව අනතුරුදායක බව අපි දුටුවෙමු. මන්ද සෑම සවස්වරුවකම පාහේ මහගිරිදඹ ආශ්‍රිත මීටර 2000ට වැඩි ඉහළ වැහිබර කාල ගුණයෙන් සමන්විතය. හැටන් පාරේ වේවා පලාබද්දල රජමාවතේ වේවා අධික වර්ෂා සහිත කාලයේදී පඩිපෙළ් දිස්වන්නේ දියඇලි විලසිනි. වැසි ජලය මහ පරිමාණයෙන් පඩි දිගේ පහළට ගලායන අතර ප්‍රදේශයට හිරු එළිය වැටෙන්නට නොදී ඝන මීදුමකින් හා අඳුරු වලාකුළු මතින් වෙළාගන්නේ සවස 3 පසුවත්මය.
එලෙස මහ වැස්සට පසුව ගමන් කිරීමේදී දැඩි දුෂ්කරතා ඇතැම් විට ගස් කඩාවැටීම් සිදුවේ. අවාරේ වැස්සට දෝරේ දමන සීත ගඟුල හා අවශේෂ ගංගා සියල්ලම දැඩි ප්‍රචණ්ඩය. ඉතා කුඩා දිය දහරාවන් පවා අතිශය වේගයෙන් ගලා ගෙන යන අතර ගල් තලාවන් සියල්ල ජලයෙන් වැසී යයි. ඊට හොඳම නිදසුන නම් වාරයේදී ගල්තලාව හොඳ හැටි පෙනෙන එරත්න මගේ ඩයිමන්ඩ් ගල සහ වර්ණගල ඉසව් දිය දහරවල් අවාරේදී ගල් පොත්තක් හෝ නොපෙනෙන ලෙස එකම සුදු යායකින් යුතුව දිය ගලන බැවිණි. එවන් දවසක කැමරාවක් කුඩයක් යටට ගෙන ඡායාරූපයක් ගත නොහැකි තරම් වර්ෂාව, පින්න හා මීදුම් අධිකය. තවද ගල් පෙරළීම් සහ මඩ පස් සේදීමද බහුලව දැක ගත හැක.
බෑන සමනොළ නොහොත් සිරිපා රක්ෂිතයේ පිහිටි උසින් මීටර් 2000ට වැඩි අනෙක් කන්ද නම් ලංකාවේ අතළොස්සක්වත් තරණය කර ෙනාමැති ස්ථානයකි. ඊට හේතුව ළඟාවීමේ අති දුෂ්කරතාව හා පිහිටීමේ දළ බෑවුම සහ සැනෙකින් වෙනස් වන කාලගුණයයි. සිරිපා මළුවට නැගගත් පසු දකුණු දෙසින් කඳු දෙසින් කඳු ගැට 3ක් දැක ගත හැකිය. එය වමේ සිට පිළිවෙළින් බෑන සමනොළ, කෝදරු ගල (කුඩා බෑන සමනොළ) සහ කුණුදිය පර්වතයයි. මේ හැරුණු විට බටහිර හා උතුරු පැතිවලින් පිදුරුතලාගල, සප්තකන්‍ය සහ මහ පිදුරුතලාගල කඳු දැකගත හැකිය.
බෑන සමනොළ පිළිබඳ මා වැඩිදුර තොරතුරු සිරිපාගම අවට මිනිසුන්ගෙන් දැන ගැනීමට ප්‍රථම ගූගල් සිතියම් (Google 3DEarth Maps) ආධාරයෙන් බෑන සමනොළ කන්ද නිරීක්ෂණය කළෙමි. එහිදී බෑන සමනොළ කන්ද දකුණු බෑවුමේ ඉතාමත් දළ බෑවුමක් සමඟ ගල් බිත්ති වෙන්ව ඇති ආකාරය නිරීක්ෂණය කළෙමි. තවදුරටත් ඒ අසල ත්‍රිමාණ රූප විශාලනය කර ලැබීමේදී දුටුවේ, කන්ද මුදුනේ සිට මීටර් ගණනක් පහළට බෑවුම් වූ ගල් බිත්ති දෙකක් මැද විශාල ගුහාවක් ඇති බවයි. ගුහාව තුළ ශාක ව්‍යාප්තියද දැකගත හැකි බවත් ගුහාවට පිවිසීමට කිසිදු සුදුසු ස්ථානයක් බෑවුමෙන් සොයාගත නොහැකි විය. ඊට බැසිය හැකි එකම මාර්ගය නම් බෑන සමනොළ මුදුනේ සිට කඹ ආධාරයෙන් පමණි. ඉහත සිද්ධිය ඒ ආකාරයෙන්ම යසරත්න මාමාද මා හට පැවසුයේ මා පුදුමට පත් කරවමිනි. මන්ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බෑන සමනොළ මා දුටු ෙද් සැබෑවක් බව මා යසරත්න මාමාට පැවසීමට පෙරම ඔහු විසින් මා හට පැවසූ නිසාය.
දශකයකට ආසන්න කාලයක් තුළ අප විසින් ලංකාවේ කඳු 150කට ආසන්න ප්‍රමාණයක් තරණය කර ඇති අතර ඉන් වඩාත් දුෂ්කරතම කඳු තරණ වූයේ කුණු දිය පර්වතය, පිදුරුතලාගල සහ බෑන සමනොළ වචනයෙන් කිව නොහැකි තරම් කටුක බවක් කාලගුණයේ දුෂ්කර බවක් ඒ තුළ නිරන්නතරයෙන් ගැබ්ව තිබූ හෙයිනි. රජ මාවතේ යන විට කොඩිය කඩේ අම්බලමට පසු අපට කළු ගඟ ආරම්භ වන මුල් දියවර දැක ගත හැකිය.
සැබැවින් මුල් දිය උල්පත ඊට බොහෝ එහයින් පිහිටියද අඩියක් දෙකක් පළල දිය දහර එම ස්ථානයෙන් ගලා යන්නේ එය කළු ගඟේ මුල් දියවර බව පසක් කරමිනි. එම ස්ථානයෙන් දකුණට එනම් නැගෙනහිර දෙසට වනයට රිංගා යන විට අපට කෝඳුරු ගල තරණය කළ හැකිය. පසුව එතැන සිට බෑන සමනොළ යා හැකි නමුත් බෑන සමනොළ තනිව තරණය කිරීමට පමණක් අවශ්‍ය වූ නිසාවෙන් පහසුම මඟ යනු රජ මාවතේ ගෙත්තම් පානට පසු හුමුවූ සීත ගඟුලට පිවිස ඒ දිගේ දිය දහර උඩට ගමන් කොට වන පියසට ගමන් කිරීමයි.
කෙසේ හෝ දිවා ගුහාව පිළිබඳ යම් විපරමක් බෑන සමනොළ බෑවුමේ පිහිටි ගුහාවෙන් එළිවිය හැකි බව අපට සිතුන නමුත් තවමත් කිසිවෙකුත් එහි සංචාරය කර නොමැත. එම නිසා එම උත්සාහ බොහෝ පස්සට යන ලදී. තවද සිරිපා මළුවට පිවිසෙන මාර්ග අතරින් වඩාත් දිගු හා දුෂ්කරතම මාර්ගය වන මුක්කුවත්ත පාර බෑන සමනොළ නැගෙනහිරින් පිහිටා ඇත. එලෙසම පිදුරුතලාගලට උතුරින් දැරණියගල මාර්ගය පිහිටා ඇත. මෙම මාර්ගය දෙකටම බොහෝ දුරක් පැමිණෙන තුරු උඩ මළුව දැකගත නොහැකි අතර අතීතයේ තාක්ෂණික මෙවලම් නොමැතිව ගැමියන් විසින් මෙම මාර්ග සොයා ගත් ආකාරයද පුදුමය දනවන සුලුය.
හපුගස්තැන්න වතුයායේ දෙහෙන කන්ද ග්‍රාමයේ පිහිටි මුක්කුවත්ත කොටියන් වනයට පිවිසෙන්නේ කිලෝමීටර් ගණනක් දිගට පැතිරුණු රතිකන්ද හරහට නැගීමටය. මෙම ඉසව්වට සමනළ කන්ද හෝ ඒ අවට කිසිදු කන්දක් දැකගත නොහැකි මුත් වන පියසක තුරු මුදුන් අතරින් නිලඹර පවා නොපෙනෙන ඉස්ව්වක මෙම මාර්ගය සොයා ගත් ගැමියාට පවා සුදු හැඳ ගත් පුද්ගලයෙකු සිහිනයෙන් දර්ශනය වී මේ මාර්ගය පිළිබඳ ලබා දුන් ඉඟි අනුව ඔහු මෙම මග සොයා ගත් බව ගැමි වහරේ පවතියි.
මුක්කුවත්ත පාර යනු කොටියා බහුලව වාසය කරන මගකි. කොටියා යනු මාංශභක්ෂක සතෙකි. නමුත් සිරිපා වාරයේදී මාර්ග වල තිබෙන කඩවල දල්වන ගිනිමැලයට ආසන්නයට පැමිණ වනයට වී ගිනි තියන තරම් ඌ තුළ හික්මීමක් ඇති බව එම වෙළෙඳුන් පවා පසුගිය වසරවල අත්දැක තිබේ. තවද කාලයක් මුළුල්ලේ වගේම මෙම වසරේත් සුපුරුදු පරිදි දිවියා අසල ගම්මානවලට පැන බල්ලන් හා හරකුන් ඩැහැගෙන ගොස් ඇත. සිරිපාගම ආශ්‍රිත ගම්වැසියන්ට උගෙන් කරදරයක් නොවුණද වරෙක බැඳ තිබූ හරකෙකුගෙ ගාතයක් පවා කඩාගෙන ගොස් ඇති බව යසරත්න මාමා අපට පැවසීය.
තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා අැතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන.
තවද දැරණියගලින් අැරඹෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ.
නමුත් වසර ගණනක් ගත වූවද තවමත් කිසිවෙකුටත් එම අලියෙකුගේ රුව ඡායාරූපයකට ගැනීමට නොහැකි වී ඇත. එලෙස අලි දුටු එකම ඡායාරූපය ගනු ලැබුවේ මීට දශකයකටත් එපිටින් සමනල අඩවියේ සිටි වන ජීවී නිලධාරී මහතෙකු පමණි. ඒ විනා අදටත් කිසිවෙකුට අලියෙකු දැක ගැනීමට නොහැකිව පවතියි. සිතියම් වල පරිදි අලි බහුලවම ගැවසෙන්නේ මහ පිදුරුතලාගල හා පිදුරුතලාගල ආශ්‍රිතවය. වන අලින් මියයන විට ඔවුන් ගමන් කරන ස්ථානයක් ඇති බවත් එය අලි සොහොනක් බවට ද සමහරු අතර මත ඇති මුත් මල්කැපීමට යන කිසිවෙකුටත් එලෙස අලි දැකගත නොහැකිව ඇත.
මීට වසර කිහිපයකට පෙර උඩමාලිබොඩ ජීවත් වූ සමනල අඩවිය වෙත පැමිණි ගැමියෙකු කුරුඳු කපා ගැනීමට මලක් කැපීමට එක් දිනක් වනයට රිංඟා ඇත. එලෙස පිටත් වූ ඔහු සාමාන්‍යයෙන් අඳුරු වැටීගෙන එන විට නැවත නිවසට පැමිණෙන නමුත් එදා එලෙස ඔහු ආවේ නැත. එ් වෙනුවට පසුදින සවස් යාමය වන විට ඔහු එරත්න සිට දැරණියගලට බසයෙන් පැමිණ තිබීම කාගේත් පුදුමයට හේතු විය. එහිදී ඔහු පැවසුවේ කැලයේ තිබූ මල් හා කුරුඳු වලට ලොල්ව ගිජු ලෙස ඒවා සොයාගැනීම නිසා ඔහුගේ සිහිකල්පනාව නැතිව ඉබාගාතයේ කැලයේ ඇවිද ගිය බවය. එසේ හෝ එක්තරා පුද්ගලයකු පැමිණ ඔහු හොවාගෙන එරත්න ආසන්නයට පැමිණ එක්වරම අතරුදහන්ව ඇත. පියවි සිහිය පැමිණෙන විට ඔහු සිට ඇත්තේ අඩවි කන්ද ආසන්නයේය. පමණට වඩාදේට ගිජුව සමන් දෙවි අඩවියට පය තැබීම නොහැකි බව ඉන් පැහැදිලිය.
තවද අවාරේ හෝ වාරයේ සිරිපා කරුණා කරන වයස අවුරුදු 70 ඉක්මවූ පිරිස් අද ද දැක ගත හැකිය. එලෙස තම ජීවිතය ගැන නොසිතා කරුණා කිරීමේදී ඇතැම් අය මිය ගොස් තිබුණි. ‘අාඬියා මළ තැන්න’ හා ‘නාකියා මළ තැන්න’ යනු එලෙස නම් ලද ස්ථාන වේ.
තද ලිහිණිහෙළ යනු මාපලාන ඇල්ලේ දියවර බෑන සමනොළ සිට ගලාගෙන යන විශාල අඳුරු නිම්නයකි. ඉතාමත් අපහසුවෙන් මාපලාන ඇල්ල ඉහළට ගොස් දියවර දිගේ යන විට තවත් අපූරු දියඇලි දැක ගැනීමට පුළුවන. අදටත් එම ලිහිණි හෙළ තුළ මිනිස් අැට කටු දැක ගැනීමට හැකිය. මන්ද ලිහිණි හෙළින් ඇඳ වැටුණු සහ සියදිවි හානිකර ගත් පිරිස බහුල බැවින්.
ලිහිණි හෙළ දුර්ගය තුළ ගමන අතිශය දුෂ්කරය. එසේම එම වන පියස අඳුරු සහගතය. දෙපසින්ම රූස්ස ගස් වලින් වට වුණ එම දුර්ගය වන සතුන් අධිකය. සර්පයන් පවා බහුලය. බෑන සමනොළ දකුණු බෑවුම පිහිටි එම ඉසව්වෙන් බෑන සමනොළ හෝ කෝඳුරුගල තරණය කිරීම සිහිනයක් පමණි.
සමනල කන්දේ තවත් දායාදයක් වනුයේ මැණික් ඉල්ලම්ය. නැගෙනහිරට වන්නට ගවරවිල සහ ආශ්‍රිත තැන්නවල මතු වූ මැණික් ඉල්ලම් ඇත. එලෙසම වේවැල්වත්ත අලුපොළ ආදී ප්‍රෙද්ශවලින් සිරිපා හිමේ රිංගා අනවසර මැණික් ගරන්නවුන් උන්මත්තක භාවයටත් එක එකා මරා ගන්නා තරමට සිහි විකල්ව හැසිරුණු කථා පුවත් ලොවට රහසක් වුවද ඒ ප්‍රදේශ වල ජනයාට නොරහසකි.
අවසන් වශයෙන් නිගමනයට එළඹනුයේ නම් සමන් දෙවි අඩවිය යනු හාස්කම් සහිත ඉතා භක්තියෙන් ගොඩවැදිය යුතු ඉසව්වකි. එ් තුළ තවමත් නොවිසිඳුණු අබිරහසක් සොයා යෑම මාරාන්තික ගමනක් බවටත් එහි දුෂ්කර බව සමන් දෙවි කරුණාවෙන්ම ජයගත යුතු බවත්ය.
Thanks for reading!
Sobasiri Team © 2018